පවතින වැසි තත්ත්වය ඉදිරියටත්

පවතින වැසි තත්ත්වය ඉදිරියටත්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත වලටත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි ඇති විය හැකියි.

මේ අතර රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක වේ.

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, ඉංගිරිය, මතුගම සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි.

රත්නපුර දිස්ත්‍රික්කයේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, කලවාන, අයගම, ඇහැළියගොඩ, ඇලපාත, කිරිඇල්ල, කුරුවිට සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටයි.