රංගිරි – දඹුලූ රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් අපවත් වෙති

රංගිරි – දඹුලූ රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් අපවත් වෙති

ඓතිහාසික රංගිරි – දඹුලූ රජමහා විහාර සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක දඹුල්ල මැද පන්සලයෙහි අධිපති සිරි වළගම්බා මහා පිරිවෙන් අධ්‍යක්ෂ සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියන් අපවත් වී තිබෙනවා.

උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකදී අද (19) අපවත් වී ඇති අතර දේහය පිළිබඳව අවසන් කටයුතු පසුවට දැනුම්දෙන බව විහාරස්ථ දායක සභාව පවසති.

අපවත් වන විට උන්වහන්සේ 63 වන වියේ පසුවිය.

1961 වසරේ ජූලි මස 13 වැනි දින දඹුල්ල දිසා රෝහලේදී උපත ලද උන්වහන්සේ කුඩා අවදියේම ඓතිහාසික රංගිරි – දඹුල්ල රජමහා විහාර මැද පන්සලේ පැවිදි දිවියට එක්ව තිබේ.