අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කිරීම අද හෝ හෙට

අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කිරීම අද හෝ හෙට

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට (16) දිනය වන විට නිකුත් කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ වන විට සියලු දිස්ත්‍රික්කවල මනාප අංක මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවයි, එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

එම මනාප අංක පරීක්ෂා කිරීමෙන් අනතුරුව කඩිනමින් යළිත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව, අද (15) සහ හෙට (16) යන දෙදින තුළ මනාප අංක නිකුත් කිරීමේ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.