විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන උපයෝගීතා කොමිසම ගත් තීරණය
විදුලි ගාස්තු සංශෝධනයට යෝජනා ලබාදීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට 2024 දෙසැම්බර් 06 වනදා තෙක් කාලය ලබාදීමට මහජන උපයෝගිතා කොමිසම එකඟ වී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමක් අනුව එම එකඟතාවය ලබාදීමට තීරණය කළ බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.
එබැවින් යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සඳහා අනුමැතිය ලබාදීමට හැකිවන්නේ 2025 ජනවාරි 17 වනදා වනවිට බව මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබේ.
එසේ නොවුනහොත් ලංකා විදුලි බල මණ්ඩලයේ ලාභයෙන් පාරිභෝගිකයින්ට කඩිනම් සහන සැලසීමට පියවර ගන්නා බවයි ඔවුන් දන්වා ඇත්තේ.