තැපැල් ඡන්දයට ලක්ෂ 7කට අධික පිරිසක්

තැපැල් ඡන්දයට ලක්ෂ 7කට අධික පිරිසක්

මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් 712, 321 ක පිරිසක් සුදුසුකම් ලබා තිබෙන බව මැතිවරණ කොමිසම පවසයි.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඒ අතර වන බවයි, මැතිවරණ කොමිසම පැවසුවේ.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් 736,589 ක් ලැබී ඇති බවත් ඒ අතරින් 24,268 ක් ප්‍රතික්ෂේප වී ඇති බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඒ අනුව, එළැඹෙන 26 වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදාළ පත්‍රිකා අදාළ ආයතන වෙත යොමුකරන බවද රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

“තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කටයුතු දැන් අවසන් වෙලා තියෙනවා.

තැපැල් ඡන්ද ලකුණු කිරීම ඉදිරි දින කිහිපය තුළ ලබන මාසයේ මුල පවත්වන්න සුදානම් කරලා තියෙනවා.

මේ මාසේ 26 වනදා ඒ අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අදාළ ආයතනවලට නිකුත් කරන්න සුදානම් කරලා තියෙනවා. 

තැපැල් ඡන්ද ලකුණු කිරීම සැප්තැම්බර් 4 වෙනිදා සියලුම දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාල, කච්චේරිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පොලීසිවල තැපැල් ඡන්ද දායකයින් සඳහා 4 වෙනිදා වෙන් කරලා තියෙනවා. 

5 සහ 6 වෙනිදා අනෙක් සියලු ආයතන සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබේ. 

එසේත් නොමැති වන අයට සැප්තැම්බර් 11 සහ 12 වෙනිදා ඒ සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කරලා තියෙනවා.”