සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ
අද (23) සිට නොවැම්බර් 14 වැනිදා දක්වා සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු වෙනුවෙන් එම තීරණය ගත් බවයි, නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ.
මේ අතර,පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු අද තැපෑලට භාර දෙයි.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, ඒවා භාර ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවයි.