පොළොන්නරුවේ මාරක රිය අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්ෂයට

පොළොන්නරුවේ මාරක රිය අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්ෂයට

පොළොන්නරුව, ජයන්තිපුර 23 කණුව ප්‍රදේශයේ දී වෑන් රථයක් හා ලොරි රථයක් ගැටී ඊයේ (07) රාත්‍රියේ සිදු වූ අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය පැවසුවේ, අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරු ඇතුළු තවත් 8 දෙනෙකු මේ වන විට පොළොන්නරුව මහ රොහලේ ප්‍රතිකාර ලබන බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, රියදුරු අසුන අසල වාඩිවී පැමිණි ඉන්දියානු ජාතිකයකු බවයි, පොලිසිය සඳහන් කළේ.

වෑන් රථය පොළොන්නරුව දෙස සිට මින්නේරිය දෙසට ගමන් කර ඇති අතර, එම දෙසටම ගමන්ගත් සහල් ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගය අයිනේ තවතා තිබියදී මෙම අනතුර සිදුව තිබේ.

මිය ගිය පුද්ගලයා ඇතුළු ඉන්දීය ජාතිකයන් මෙරට පෞද්ගලික ආයතනයක සේවය සඳහා පැමිණි කාර්මික ශිල්පීන් ද වන අතර, ඔවුන් සිය නවාතැන්පොළට යන අතරවාරයේ මෙම අනතුරට මුහුණපා තිබේ.

ලොරි රථය සහ එහි රියදුරු පොළොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනඇති අතර, ඔවුන් අද (07) පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.