මිහින්තලේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමට පොලිස්පතිගෙන් විමර්ශනයක්

මිහින්තලේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමට පොලිස්පතිගෙන් විමර්ශනයක්

පොසොන් උත්සවයට මිහින්තලා පුදබිම සූදානම් වෙමින් පවතින අවස්ථාවක මිහින්තලා ප‍්‍රදේශයට පැමිණෙන සැකකටයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් පුළුල් විමර්ශනයක් කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතාට නියෝග කර තිබේ.

නොබෝ දිනකින් එළඹෙන පොසොන් උත්සවය කඩාකප්පල් කිරීමේ හැකියාවක් ඇතැයි කියමින් මිහින්තලා විහාරාධිපති ආචාර්ය වලවා හැංගුනවැවේ ධම්මරතන හිමිපාණන් පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා එලෙස නියම කළේය.

පොසොන් උත්සවය ආසන්නයේ දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලින් මිහින්තලයට පැමිණ සැකකටයුතු ලෙස නවාතැන් ගෙන සිටි බව කියමින් සැකකරුවන් සහ සැකකාරියන් හත් දෙනකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පාදක කරගනිමින් මිහින්තලා විහාරාධිපති හිමිපාණන් පොලිස්පතිවරයාගෙන් එලෙස ඉල්ලීමක් කර ඇත.