පොහොට්ටුවද නැතිනම් විකල්ප කණ්ඩායම්ද? තීරණයක් ගන්නැයි විකල්ප කණ්ඩායම් රනිල්ට කියයි

පොහොට්ටුවද නැතිනම් විකල්ප කණ්ඩායම්ද? තීරණයක් ගන්නැයි විකල්ප කණ්ඩායම් රනිල්ට කියයි

ඉදිරි මැතිවරණ සදහා සූදානම් වීම සදහා පසුගියදා ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ අතර හමුවක් ජනාධිපති කාර්‍යාලයේදී පැවැත්විණි.

මේ සදහා මුලින්ම ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ සමග පමණක් සාකච්ඡාවක් පැවැත්වීමට යොදා ගත් නමුත් මේ සදහා දුමින්ද දිසානායක් නිමල් සිරිපාලද සිල්වා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් හා විකල්ප කණ්ඩායම් වල පිරිසක් එක්ව සිට ඇත.

මෙහිදී පොහොට්ටුව සමග කිසිම ආකාරයක සන්ධානගතවීමක් සිදු නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා විකල්ප කණ්ඩායම් විසින් බැසිල් රාජපක්ෂ මහතා හට ජනාධිපතිවරයා ඉදිරියේ පවසා ඇත.

නාමල් රාජපක්ෂ පවා ජනාධිපතිවරයා සමග ගමනක් නැති බව හා ඔහු සමග සිටින්නේ පොහොට්ටුවේ ප්‍රතිපත්ති වලට විරුද්ධ පිරිසක් යැයි කියද්දිත් නාමල්ගේ විරෝධය පසෙක තබා ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට උදව් කරනවිට මෙවැනි කතා වලින් සිදුවෙන්නේ සිත් නොහොද වීමක් පමණක් බව බැසිල් රාජපක්ෂ එම සාකච්ඡාවට පැමිණි වජිර අබේවර්ධනට පවසා ඇත.

ඉදිරියේදී පොහොට්ටුවද නැත්තම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා විකල්ප කණ්ඩායම්ද යන්න ජනාධිපතිවරයාට තෝරා ගැනීමට සිදුවන බව විකල්ප කණ්ඩායමේ ප්‍රකාශකයෙක් වැඩිදුරටත් පැවසීය.

Share This