පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන අවසන් තීරණය අද

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන අවසන් තීරණය අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය අද (29) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.

විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පස්වරු 04.00ට පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වී අදාළ තීරණය ගැනීමට නියමිතයි.