පොහොට්ටුවෙන් රනිල් ලඟට ගිය අය කරන්න යන දේ

පොහොට්ටුවෙන් රනිල් ලඟට ගිය අය කරන්න යන දේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කළ පිරිස පොහොට්ටුව ප්‍රතික්ෂේප කරන්නේ නම් එයට විකල්ප වැඩපිළිවෙලක් සකස් කර අවසන් බවත් එම පිරිස මේ වන විට සන්ධානයක් සකස් කර ඇති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉතිරිව සිටින අය ප්‍රතිපත්ති නොව පෞද්ගලික වාසි වලට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

උඩුගම්පල පිහිටි ප්‍රසන්න රණතුංග මහතාගේ පක්‍ෂ කාර්යාලයේදී පැවැති ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික් බල මණ්ඩලයේදී ඒ මහතා එසේ පැවසීය.