තවත් පොහොට්ටු මන්ත්‍රීවරයෙකුගේ සහය රනිල්ට

තවත් පොහොට්ටු මන්ත්‍රීවරයෙකුගේ සහය රනිල්ට

එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

එමෙන්ම, ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු රැසක් සූදානමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කාරක සභා රැස්වීමේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.