හැටන් නගරයේ පොකට් ගැසූ කාන්තා හොර කල්ලියක් අල්ලයි

හැටන් නගරයේ පොකට් ගැසූ කාන්තා හොර කල්ලියක් අල්ලයි

දීපවාලි උත්සව සමය නිමිත්තෙන් හැටන් නගරයට පැමිණෙන පාරිභෝගිකයන්ගේ මුදල් පසුම්බි සහ රන් ආභරණ සොරකම් කරන සංවිධානාත්මක කණ්ඩායමක තරුණියන් සිව්දෙනෙකු ඊයේ (29) දින පස්වරුවේ හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

දිපවාලි උත්සවය නිමිත්තෙන් හැටන් නගරයට විශාල පාරිභෝගිකයන් පිරිසක් ඊයේ දින පැමිණ සිටි අතර, එසේ පැමිණ සිටි පාරිභෝගිකයන් කිහිපදෙනෙකුගේ මුදල් පසුම්බි සහ රන් ආභරණ අස්ථානගත වී ඇති බවට හැටන් පොලිසියට පැමිණිලි කිහිපයක්ද ලැබී තිබුණි.

ඒ පිලිබදව අවධානය යොමු කල හැටන් පොලිසියේ නිලධාරින් හැටන් නගරයට පැමිණෙන පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව තර කිරිම සදහා විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් දියත් කර තිබු අතර, ඒ ඔස්සේ අත්අඩංගුවට ගත් එක් සැකකාර කාන්තාවක් පාරිභෝගිකයෙකුගේ ගෙල බැදි රන් මාලයක් කඩා ගැනිමට උත්සහ කිරිමේදි එම ස්ථානයේ සිවිල් ඇදුමින් රාජකාරියේ නිරත වෙමින් සිටි පොලිස් නිලධාරියෙකු එම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන විමර්ෂණ සිදු කිරිමේදි සෙසු සැකකාරිනියන්ද අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසියේ නිලධාරින් සමත් වී ඇත.

තරුණියන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන විමර්ෂණ සිදු කිරිමේදි සැකකාරිනියන් සන්තකයේ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් සහ රණ් ආභරණ කිහිපයක්ද තිබි හමු වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිනියන් අවු 21-26 වයස් කාණ්ඩයේ පසුවන වෙන්නප්පුව සහ කොළඹ ප්‍රදේශයේ පදිංචිකාරිනියන් බවත්, එම සැකකාරිනියන් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් මෙවැනි සොරකම් සිදු කරන බවටත් අනාවරණය වී තිබේ.

මේ අතර එම සැකකාරිනියන් බේරා ගැනිමට කොළඹ ප්‍රදේශයේ නීතිඥවරුන් කිහිපදෙනෙකු හැටන් පොලිසියේ උසස් නිලධාරින්ට දුරකථන ඇමතුම් ලබා දී ඇතැයි වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකාරිනියන් අද හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

මේ අතර නොච්චියාගම ප්‍රදේශයේ අවු 04 ක දරුවෙකුට සැත්කමක් සිදු කිරිමට හැටන් නගරයේ ආධාර එක්රැස් කරමින් සිටි තරුණයන් දෙදෙනෙකුද සැකපිට අත්අඩංගුවට ගෙන සිදු කල විමර්ශනයකදී ව්‍යාජ ලියකියවිලි සකස් කරමින් රු 100 බැගින් වු ටිකට් පත් මුද්‍රණය කර ආධාර එකතු කරමින් සිට ඇති බව අනාවරණය වී තිබේ.