පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු 17කගේ සහාය රනිල්ට

පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු 17කගේ සහාය රනිල්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 17 දෙනෙකු එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා එක්ව තිබේ.

ඒ, ඊයේ (19) එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා සමඟ පැවති හමුවකින් අනතුරුවය.

එහිදී එම නියෝජිතයන් කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවය.