මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ ගිනිඅවි වහාම ආපසු බාරදෙන්නැයි නියෝග

මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ ගිනිඅවි වහාම ආපසු බාරදෙන්නැයි නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනිඅවි (පිස්තෝල) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම භාරදෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනිඅවි ලබාගෙන ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දන්වා යවා තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් සියයකට ආසන්න පිරිසක් එම ආරක්ෂක ගිනිඅවි ලබාගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී ලබාදී ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමත් සමගම අහෝසි වන අතර මන්ත්‍රී දීමනාව, මන්ත්‍රී කාර්ය මණ්ඩලය දීමනා, ඉන්ධන පහසුකම් සහ මුද්දර ගාස්තු මෙසේ අහිමිවන පහසුකම්ය.

කෙසේවෙතත් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති නිල නිවාස පමණක් ඡන්දය පැවැත්වෙන දින තෙක් පාවිච්චි කිරීමටඔවුනට ඉඩකඩ සලසා දී ඇත.

මහමැතිවරණයෙන් යළි තේරීපත් නොවන මන්ත්‍රීවරුන් සියලුදෙනා ඡන්ද විමසීමෙන් පසුදිනම එම නිල නිවාස යළි බාර දිය යුතුව තිබේ.