ඇල්පිටිය PHI ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට

ඇල්පිටිය PHI ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික, කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

ගිනිඅවි දෙකක් ද සමග ගල්කිස්ස ප්‍රදේශයේ දී එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවයි, පොලීසිය පැවසුවේ.

ඉකුත් පෙබරවාරි 26 වනදා උදෑසන යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් ඇල්පිටිය, පතිරාජ මාවතේ පිහිටි නිවසේදී රොෂාන් කුමාර මහතාට වෙඩි තබා පළාගොස් තිබුණි.

වෙඩික්කරුවන් යතුරුපැදියකින් පළා යන අයුරු දැක්වෙන CCTV රූපරාමු පෙළක් ද විමර්ශකයින් පසුව සොයා ගත්තේය.

ජීවිතක්ෂයට පත්වන විට රොෂාන් කුමාර මහතාගේ වයස අවුරුදු 51ක්.