මහ­නු­වර ඇසළ පෙර­හර මංගල්‍ය අදින් ඇරඹේ

මහ­නු­වර ඇසළ පෙර­හර මංගල්‍ය අදින් ඇරඹේ

මහ­නු­වර ඇසළ පෙර­හරේ ප්‍රථම කුඹල් පෙර­හර අද (10) වීදි සංචා­රය කිරී­මට නිය­මි­තය.

ශ්‍රී දළදා මාලි­ගාව අබි­ය­සින් දකුණු දිශා­භි­මු­ඛව පස්වරු 6.06ට පිට­ත් වන පෙර­හර ශ්‍රී දළදා වීදීය, ඩී.එස්. සේනා­නා­යක වීදිය, පන්සල පාර, දේව වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය, යටි­නු­වර වීදිය ඔස්සේ ගමන් කර රජ වීදි­යෙන් ඉහ­ළ­ට ­විත් ගෙව­දී­මට නියමි­තය.

එමෙන්ම අවසන් කුඹල් පෙරහර ලබන 14 වනදා දක්වා විථි සංචාරය කිරීමටයි නියමිතව ඇත්තේ.

මෙවර මහ­නු­වර ඇසළ පෙර­හරේ ආර­ක්ෂාව වෙනු­වෙන් පොලිස් නිල­ධා­රීන් 5500ක පමණ පිරි­සක් යොදවා තිබේ.

මහ­නු­වර ඇසළ පෙර­හරේ ප්‍රථම කුඹල් පෙර­හර කුඩා දරු­වන්ට පෙන්වී­මෙන් ඔවුන්ගේ අපල උප­ද්‍රව දුරු­වන බවට අතී­තයේ සිට පැවත එන මත­යක් පවතී.

මේ නිසා සෙසු කුඹල් පෙර­හ­ර­ ව­ලට වඩා අති­වි­ශාල ජන­තා­වක් පෙර­හර නැර­ඹීම සඳහා පැමි­ණෙන බව සංවිධායකයින් පවසයි.

පළමුවැනි රන්දෝලි පෙරහර ලබන 15 වනදා ආරම්භ වන අතර ලබන 20 වනදා පැවැත්වෙන දහවල් පෙරහරින් පසු මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ.