අගෝස්තු 30ට පෙර පාස්කු වන්දි ගෙවන්නැයි මෛත්‍රී ඇතුළු පිරිසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට ගෙවිය යුතු හිඟ වන්දි මුදල 2024 අගෝස්තු මස 30 වනදාට පෙර ගෙවා අවසන් කළ යුතු බවට අදාල වන්දි ගෙවීමට නියම වී සිටින පිරිසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරුන්ට එරෙහිව මෙම නියෝගය ලබා දී ඇත.
එදිනට පෙර අදාළ මුදල් ගෙවා අවසන් නොකරන්නේ නම් එම පුද්ගලයින්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ලබන සැප්තැම්බර් මස 20 වනදා ට පෙර චෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල විසින් නීතිපතිවරයාට නියෝග කර තිබේ.