පාරින්ද රණසිංහ නව නීතිපති ලෙස පත් කෙරේ

පාරින්ද රණසිංහ නව නීතිපති ලෙස පත් කෙරේ

නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වනිදායින් අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණි.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ මහතාව අද (12) පත්කර තිබේ.

ඒ මෙරට 49 වැනි නීතිපතිවරයා ලෙසයි.

ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමැතිය ලබාදීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකර ඇත

පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ.පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙකු වනවා.