තලතා වෙනුවට කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තුවට ?

තලතා වෙනුවට කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තුවට ?

අද (21) දින සමගි ජනබලවේගය නියෝජනය කළ තලතා අතුකෝරාල මහත්මිය සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව තලතා අතුකෝරාලගේ මෙම ඉල්ලා අස්වීම සමග එකී මන්ත්‍රීධූරයේ පුරප්පාඩුව පිරවීමට මීලඟට මනාප ඡන්ද ලැයිස්තුවේ සිටින, රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුනු කරුණාරත්න පරණවිතාන මහතා පත් වීමට නියමිත බව වාර්තා වේ.

තලතා අතුකෝරළ මහත්මියගෙන් පසු මනාප ලැයිස්තුවේ පස්වෙනි ස්ථානයේ රැඳී සිටින කරූ පරණවිතාන මහතා ලබා ගෙන ඇති මනාප සංඛ්‍යාව 36.787ක්.

කරුණාරත්න පරණවිතාන මහතා මේ වනවිට එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති වශයෙන් කටයුතු කරනු ලබයි.