පානදුර නිවසක තිබී යුවලකගේ මළ සිරුරු හමුවෙයි

පානදුර නිවසක තිබී යුවලකගේ මළ සිරුරු හමුවෙයි

පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථ පාරේ නිවසකක් තුළ තිබී පිරිමි පුද්ගලයකුගේ සහ කාන්තාවකගේ මළසිරුරු දෙකක් හමුවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි.

කාන්තාවගේ මළසිරුර සාලයේ බිම තිබෙන බවත් පිරිමි පුද්ගලයාගේ මළසිරුර නිවසේ බාල්කයක එල්ලෙමින් තිබෙන බවත් පොලිසිය පැවසීය.

දෙදෙනා අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන යුවළක් බවට තොරතුරු ලැබී ඇති බවත්, පිරිමි පුද්ගලයා විසින් කාන්තාව ඝාතනය කර ගෙල වැලලාගන්නට ඇති බවට සැකකරන බවත් පොලිසිය සදහන් කරයි.

එලෙස මියගොස් ඇත්තේ, 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 42 හැවිරිදි කාන්තාවකි.

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන අංශයේ නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.