මෝටර් රථයක් දෙකඩ වී ගිය බිහිසුණු අනතුර

මෝටර් රථයක් දෙකඩ වී ගිය බිහිසුණු අනතුර

පැලවත්ත – රාජගිරිය මාර්ගයේ පාර්ලිමේන්තුව ආසන්නයේ දී තරුණයන් සිව් දෙනකු ගමන් ගත් සුඛෝභෝගී මෝටර් රථයක් වෑන් රථයක ගැටී සිදුවූ අනතුරකින් පෞද්ගලික සරසවියක එක් සිසුවකු මියගොස් තවත් සිසුන් තිදෙනකු තුවාල ලබා තිබේ.

අධික වේගයෙන් පැමිණි මෝටර් රථය පාලනය කර ගත නොහැකිව වෑන් රථයක ගැටී අනතුරුව ගසක ද ගැටීමෙන් මෝටර් රථය දෙකට වෙන් වී ඇතැයි තලංගම පොලිසිය පවසයි.

මෝටර් රථය පළමුව වෑන් රථයේ ගැටී අනතුරුව කොන්ක්‍රීට් කණුවකද ගැටී ගසෙහි ගැටී ඇතැයි පොලිසිය කියයි.

අනතුර සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.