සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන කාලය ගැන ඇමතිගෙන් දැනුම් දීමක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන කාලය ගැන ඇමතිගෙන් දැනුම් දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසයේදී ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් ව සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා හෝමාගම දී අද (23) පැවසීය.

උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට සියලු දීමනා වැඩි කළ බවත් එහිදී පැවසීය.

එමෙන්ම, පාසල් වලට අනුයුක්තව සිටි සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රශ්නයට ඊයේ (22) දින එකඟතාවයකට පැමිණි බැවින් අධිකරණයට අදාල ගැසට් පත්‍රය ඉදිරිපත් කර නඩුව ඊළඟ සතිය වනවිට අවසන් වීමෙන් පසු එම පත්වීම් ලබාදීමට හැකියාව පවතින බවද පැවසීය.

මේ වන විට පුරප්පාඩු සදහා ගුරුවරුන් ලෙස සංවර්ධන නිළධාරීන් 23000න් 6000කට පත්වීම් ලබා දී තිබෙන බැවින් ඉතුරු අය සදහා සම්මුඛ පරීක්ෂණක් පවත්වා පත්වීම් ලබා දීමට කටයුතු කිරීමට සැළසුම් කර ඇති බැවින් ඉතා කෙටි කාළයකදී ගුරු පුරප්පාඩු සියල්ල පුරවා අවසන් වන බවද අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසීය.