නුවරඑළියේ තැපැල් ඡන්ද පොළ ළඟ රැස්වීම් හයක් අත්හිටුවයි

නුවරඑළියේ තැපැල් ඡන්ද පොළ ළඟ රැස්වීම් හයක් අත්හිටුවයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ආසන්නයේ සංවිධාන කෙරුණු රැස්වීම් හයක් අත්හිටවූ බව නුවරඑළිය තේරීම් බාර නිලධාරි නන්දන ගලබඩ මහතා පැවසීය.

වලපනේ ප්‍රදේශයේ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ පැවැත්වීමට සූදානම් කෙරුණු රැස්වීමක්ද ඊයේ අත්හිටවූ බව ඔහු සඳහන් කළේය.

ඡන්ද මධ්‍යස්ථාන ආසනයේ රැස්වීම් පැවැත්වීම මැතිවරණ නීතිය අනුව තහනම් වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන දෙසීයක් පමණ ක්‍රියාත්මක වේ.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීති විරෝධී මැතිවරණ කාර්යාල සහ මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිට ඒවා නතර කිරීමට පියවර ගන්නැයි තේරීම්බාර නිලධාරීවරයා පොලිසියට උපදෙස්දී ඇත.

එසේම ප්‍රචාරක කටයුතු සදහා පෙළපාළි සහ ලොකු කණ්ඩායම් වශයෙන් ගෙන් ගෙට යාමද නතර කරන ලෙස හෙතෙම උපදෙස්දී ඇත.