නුවරඑලිය මහ නගර සභාවේ ගලි බවුසරයට දෙදෙනෙකු යටවෙයි

නුවරඑලිය මහ නගර සභාවේ ගලි බවුසරයට දෙදෙනෙකු යටවෙයි

නුවරඑලිය මහ නගර සභාවේ ගලි බවුසරයකට ප්‍රධාන මාර්ගයේ සුදු ඉර මතින් මාර්ගය හරහා මාරු වු පදිකයින් දෙදෙනෙකු යටවී බරපතල තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසීය.

මෙම අනතුර සිදු වී ඇත්තේ අද (12) උදැසන 10.30 ට පමණ නුවරඑලිය මුලස්ථාන පොලිස් ස්ථානය ඉදිරිපිටදීය.

නුවරඑලිය හාවාඑළිය ප්‍රදේශයේ සිට නුවරඑලිය මහ නගර සභාව දක්වා අධික වේගයෙන් ධාවනය කර ඇති බවුසරය නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල මාර්ගයේ ගාල් කර තිබු මොටර් රථයකද ගැටී පදිකයින් දෙදෙනා යට කරගෙනවිත් ප්‍රධාන මාර්ගය අභියස පිහිටි පැති බැම්මක ගැටී නතර වී ඇත.

අනතුරෙන් ගලි බවුසරයට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර, බවුසර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වී ඇති බවයි, අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය කියා සිටියේ.

බවුසර් රථයේ රියදුරා නුවරඑලිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.