හෙද සංගමය හෙට සහ අනිද්දා වර්ජනයට නෑ

හෙද සංගමය හෙට සහ අනිද්දා වර්ජනයට නෑ

හෙට සහ අනිද්දා ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සමස්ත ලංකා හෙද සංගමය සහභාගී නොවන බව එම සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් එස්. බී. මැදිවත්ත මහතා ප්‍රකාශ කර සිටියේ, වැඩවර්ජන කිරීම හරහා සිදුවෙන්නේ රෝගීන් සහ ජනතාවද අපහසුතාවට පත්වීම බවයි.

ප්‍රශ්න ගැටලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබ්බත් මෙය වැඩවර්ජන සඳහා අවස්ථාවක් නොවන බවත් ආණ්ඩුව පළවා හැරීමට ලැබෙන ප්‍රථම අවස්ථාවේම ජනතාව සමඟ එය සිදුකරන බවත් ඔහු කියා සිටියේය.