නාම යෝජනා භාරදීමේ කටයුතු ඇරඹේ
2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීම මේ වනවිට රාජගිරිය පිහිටි මැතිවරණ කොමිෂන් සභා ප්රධාන කාර්යාලයේදී ආරම්භවී තිබේ.
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනකු මුදල් ඇප තැන්පත් කර තිබේ.
එම පිරිස අතරින් දිලිත් ජයවීර,ඒ.එස්.පී ලියනගේ,නුවන් බෝපගේ,සරත් ෆොන්සේකා සිරිපාල ගම්ලත් යන අපේක්ෂකයින් මේ වන විට නාමයෝජනා භාර දී ඇති බව වාර්තා වේ.