නෙත්මිගෙන් ලෝක මල්ලවපොර ශූරතාවලියේ ලෝකඩ පදක්කම ලංකාවට

නෙත්මිගෙන් ලෝක මල්ලවපොර ශූරතාවලියේ ලෝකඩ පදක්කම ලංකාවට

ස්පාඤ්ඤයේ පොන්ටවේද්‍රා නුවරදී ඊයේ (06) පැවැති වයස අවුරුදු 20න් පහළ ලෝක මල්ලවපොර ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත් වුණා.

ස්පාඤ්ඤයේ පොන්ටවේද්‍රා නුවර දී පැවැත්වෙන ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලව පොර තරගාවලියේ දී නෙත්මි මෙම ජයග්‍රහණය වාර්තා කළේ අවසන් පූර්ව වටයේ දී වැලරියා මිකිට්සිච් ක්‍රීඩිකාව ලකුණු 06-02ක් ලෙස පරාජය කරමින්.

මෙම තරගාවලියේ නෙත්මි සුදුසුකම් ලැබීමේ වටයේ දී කසකස්තානයේ යෙන්ගිලික් කබිල්බෙක් ලකුණු 10-0කින් පරාජය කළ අතර, මූලික අර්ධ අවසන් පූර්ව වටයේ දී බල්ගේරියාවේ නිකොල් ක්‍රසිමිරෝවා 10-0කින් පරාජයට පත් කළා.

අර්ධ අවසන් පූර්ව වටයේ දී ඇය හංගේරියාවේ ලිලියානා කපුවාරි ලකුණු 14-03කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි අතර, එහිදී චීනයේ ජින් ෂැන්ග් හමුවේ 02-02ක් ලෙස පරාජයට පත් වූ අතර, අනතුරුව ඇය ලෝකඩ පදක්කම වෙනුවෙන් තරග වැදුණා.