නෙළුම් කුලුන පරිශ්‍රයේ වෙඩි තැබීමක්
නෙළුම් කුලුන පරිශ්‍රයේ ඊයේ (08) රාත්‍රියේ පැවැත්වූ සංගීත ප්‍රසංගයක් අතරතුරදී වෙඩිතැබීමක් සිදුවී තිබේ.
වෙඩිතැබීමෙන් සංගීත ප්‍රසංගයේ ආරක්ෂාවට යොදවා සිටි 29 හැවිරිදි පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.
වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.