නුවරඑළියේ නායයෑමේ අවදානමක්
නුවරඑළිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හයිෆොරස්ට් ප්‍රදේශයේ නායයාමේ අවධානමක් හේතුවෙන් පවුල් 6 කට අයත් පුද්ගලයින් 36 දෙනෙකු අද (30) ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබේ.
මෙම පිරිස සඳහා අවශ්‍ය පිසූ ආහාර, ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් ලබාදීමට කටයුතු කර ඇති බවයි, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
පවතින වර්ෂාවත් සමඟ අදාළ ප්‍රදේශයට නායයාමේ අවධානමක් මතුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
මේ අතර නුවර එළිය දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණයත් සමඟ හඟුරන්කෙත සහ වලපනේ යන ප්‍රදේශවල මාර්ග රැසක ගමනාගමනයට ද බාධා එල්ල වී තිබේ.