නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද

නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද (02) උදෑසන 10.00ට කොළඹ රත්නදීප හෝටලයේ දී සිදුකිරීමට නියමිතයි.

මහා සංඝරත්නය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ, පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් විවිධ අංශවල වෘත්තිකයන්, නීතිඥයින්, කලාකරුවන්, වෘත්තීය සමිති නියෝජිතයන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ අනුබද්ධ සංවිධානවල නියෝජිතයින් ඇතුළු 1300 දෙනකු මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතව තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත කාර්යාලයේ ප්‍රධානි දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පවසයි.