නාමල්ගේ නඩුවක් යළි කැඳවන්නැයි නියෝග

නාමල්ගේ නඩුවක් යළි කැඳවන්නැයි නියෝග

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතු­ර­ස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ජනවාරි මස 22 නැවත කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ඊයේ (17) නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිට තිබෙනවා.

රුපි­යල් මිලි­යන 70ක පමණ මූල්‍ය අක්‍ර­මි­ක­තා­වක් සිදුව ඇති බවට දූෂණ විරෝධී හඬ සංවි­ධා­නය පොලි­ස්ප­ති­ව­ර­යාට සිදු කළ පැමි­ණි­ල්ල­කට අනුව මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය සිද්ධිය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන සිදු කර ඇත.