පොහොට්ටු ජනාධිපති අපේක්ෂකයා නම් කරන දිනය ගැන නාමල් කියයි

පොහොට්ටු ජනාධිපති අපේක්ෂකයා නම් කරන දිනය ගැන නාමල් කියයි

ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු නම් කිරීම මේ මස අවසානයේදී සිදුකරන බව ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපති අපේක්ෂකයකු නම් කර සති 4ත් 6 අතර කාලයකදී ඔහුව ජයග්‍රහණය කරවීමට තරම් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ යාන්ත්‍රණය ශක්තිමත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

දැනටමත් තමා ජාතික සංවිධායක ලෙස එන ඕනෑම අපේක්ෂකයකු ජයග්‍රහණය කරවීමට බිම්මට්ටමින් සංවිධාන කටයුතු සාර්ථක ලෙස කරගෙන යන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

කලබලයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති වලට එකග වන ජනාධිපති මැතිවරණයෙන් ජය ගතහැකි අපේක්ෂකයකු මේ මස අවසානයේදී පත්කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, මාධ්‍ය මගින් ජනාධිපතිවරණයට පොහොට්ටුවේ අපේක්ෂකයකු නම් කිරීමට ප්‍රමාද ඇයිද යන්න පිලිබදව සිදු කළ විමසීමකදීය.