නාමල් අගරදගුරු තුමන් හමුවෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා මැල්කම් කාදිනල් හිමිපාණන් බැහැදැකීමට පැමිණ ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.
එහිදී තරුණ නායකයකු ලෙස ජනතාව නගාසිටවා රටේ අනන්‍යතාවය රැකෙන ලෙස වැඩකටයුතු කරන මෙන් උන්වහන්සේ ඔහුට අවවාද අනුශාසනා කිරීමෙන් පසු පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අය සම්බන්ධයෙන් සොයා බැලීමට ස්වාධීන කොමිෂන් සභාවක් පත් කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නා.
ඒ අනුව, මෙම කරුණ සම්බන්ධයෙන් පරික්ෂණ කිරීමට අධිකරණමය ස්වාධීන කොමිෂන් සභාවක් පත්කිරීමේ අවශ්‍යතාවය ද නාමල් රාජපක්ෂ මහතා එහිදී පිළිගෙන තිබෙනවා.