තාක්ෂණික විප්ලවයක් ඇති කර විරැකියාවට තිත තබනවා – නාමල් රාජපක්ෂ

තාක්ෂණික විප්ලවයක් ඇති කර විරැකියාවට තිත තබනවා – නාමල් රාජපක්ෂ

තමන් ජයග්‍රහණය කිරීමෙන් පසුව මේ රටේ තාක්ෂණික විප්ලවයක් ඇති කරන බවත් මෙරට විරැකියාවට තිත තබන බවත් තරුණයන් කෘෂිකාර්මික ව්‍යවසායකයන් බවටපත් කිරීමේ වැඩසටහනක් දියත් කරන බව පොදු ජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ පැවසීය.

ඔහු ඒබව කියා සිටියේ පසුගිය සිකුරාදා (16) පස්වරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල පැවති උත්සවයකදීය.

නාමල් රාජපක්ෂ අනුරාධපුරයේ සිට මහනුවර බලා ගමන් කරමින් සිටියදී මෙම පිළිගැනීමේ උත්සවය සංවිධානය කොට තිබුනේ, දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත විසිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

මෙහිදී නාමල් රාජපක්ෂ ට උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර ජනතාව සමග පා ගමනින් මද දුරක් ඉදිරියට පැමිණි නාමල් රාජපක්ෂ මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, තම රජයක් යටතේ විරැකියාවට තිත තබන බවය.

තාක්ෂණික විප්ලවයක් මෙරට තුළ ස්ථාපිත කරන බවත් තරුණ ව්‍යසායකයින් ගොඩනැගීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය.