පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා ගැන සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා ගැන සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහභාගි වීමට නියමිත බවයි, අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ.

එහිදී ගනු ලබන තීරණය මත පදනම්ව පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණෙන බවද ඔහු කියා සිටියේය.

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගනු ලැබුවේ 2023 වසරේ මාර්තු මාසයේය.

අනතුරුව මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම කටයුතු සූදානම් කළ ද මහා භාණ්ඩාගාරයෙන් මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් එය පැවැත්වීම අත්හිටුවනු ලැබුවේය.

පසුගිය කාලයේ දේශපාලන පක්ෂ ඇතුළු විවිධ පාර්ශව ඉල්ලා සිටියේ අදාළ නාම යෝජනා අවලංගු කරන ලෙසයි.

COMMENTS