කාන්තාවකට අනිසි යෝජනාවක් කළ පුද්ගලයෙකුට හිස දෙකඩ වෙන්න ගහලා

කාන්තාවකට අනිසි යෝජනාවක් කළ පුද්ගලයෙකුට හිස දෙකඩ වෙන්න ගහලා

කාන්තාවකට අනිසි යෝජනාවක් කළ පුද්ගලයෙකුට එම කාන්තාව සිය සැමියා හා තවත් අයෙක් සමග එක්ව පහරදී ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ, සිද්ධියට සම්බන්ධ අඹුසැමි යුවළ ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගත් බවයි.

පොතුපිටිය – පින්නගොඩැල්ල ප්‍රදේශයේදී පසුගිය 11 වනදා පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර තිබුණා.

එලෙස ඝාතනයට ලක්ව තිබුණේ, එම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙක්.

පොලීසිය පැවසුවේ, පහරදීමෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ හිස දෙකඩ වී තිබූ බවයි.

මළ සිරුර අසල සැකකටයුතු ලී කැබැල්ලක් තිබී ඇති අතර, ඒ අනුව පොලිස් නිල සුනඛයෙකු යොදාගෙන ඒ පිළිබඳව පරීක්ෂා කර තිබෙනවා.

එම අවස්ථාවේදී එම නිල සුනඛයා ප්‍රදේශයේ ඇති ලයිම් කාමරයක ඇඳක් මත නිදාගෙන සිටි පුද්ගලයෙකු අසල නැවතී තිබුණා.

ඒ අනුව, ඔහුව අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඝාතනයට සම්බන්ධ අඹුසැමි යුවළද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, අදාළ කාන්තාවට ඝාතනය වූ පුද්ගලයා අවස්ථා දෙකකදී අයුතු යෝජනා කර ඇති බවයි.

ඒ පිළිබඳව සිය සැමියා දැනුම්වත් කිරීමෙන් පසුව 11 වනදා රාත්‍රියේ ඔහුගේ නිවසට ගොස් පහරදීමේදී එම පුද්ගලයා දිවයෑමත් සමග පසුපස හඹාගොස් යළි පහරදී ඇති බව අදාළ සැකකාරිය පවසා තිබෙනවා.

අනතුරුව සැකකරුවන් කලවාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.