ඝාතනයකින් කෙලවර වූ සංගීත සංදර්ශනය

ඝාතනයකින් කෙලවර වූ සංගීත සංදර්ශනය

වීරකැටිය මොරයාය පාසල් ක්‍රිඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර දෙපිරිසක් අතර ඊයේ (12) රාත්‍රි 11ට පමණ ඇතිවූ ගැටුමක් දුරදිග යාමෙන් 31 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි.

තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ, 30 හැවිරිදි වීරකැටිය මොරයාය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලීසිය පවසනවා.

ගැටුමේදී තවත් පස්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් ප්‍රතිකාර සඳහා තංගල්ල සහ ඇඹිලිපිටිය රෝහලට වලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වනවා.