සැමියාගේ පොරෝ පහරින් බිරිඳ මරුට

සැමියාගේ පොරෝ පහරින් බිරිඳ මරුට

අවිස්සාවේල්ල, ගැටහැත්ත ප්‍රදේශයේ දී සැමියා විසින් බිරිඳට අත්පොරවකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඝාතනය සිදු කළ සැකකාර සැමියා පොලිසියට පැමිණ භාර වී ඇත. සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල ගැටහැත්ත දිවුරුම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්. ඊදිල්රුක්ෂි 43 හැවිරිදි කාන්තාවයි.

මරණකාරිය සහ සැකකරු අතර නිරතුරුවම ආරවුල් හටගෙන ඇති අතර ඊයේ ( 2) සවස මෙම ඝාතනය සිදුකර තිබෙන බව පොලිසිය කියයි.

සැකකාර සැමියා පෙදරේරුවකු වන අතර 41 හැවිරිදි පුද්ගලයෙකි.