ව්‍යාපාරිකයෙකු ඝාතනය කර කැබ් රථයකට දමා ගිනි තියලා

ව්‍යාපාරිකයෙකු ඝාතනය කර කැබ් රථයකට දමා ගිනි තියලා

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කැබ් රථයකින් පැහැර ගෙන ගොස් ඝාතනය කර කැබ්රථයට දමා ගිනි තබා ඝාතනය කර ඇතැයි උප්පුවේලී පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ අවුරුදු 41ක ත්‍රිකුණාමලය, ඇලස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පෙරේදා අලුයම් කාලයේ දී මෙම අපරාධය සිදුව ඇති බවත්, පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවත් මේ වනවිට කරුණු අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා ඇලස්වත්ත ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන ගොස් ඇති ඇති අතර, ඔහු එහි රැඳී සිටිය දී සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ ඔහුට පහර දී කැබ් රථය ද සමඟ පැහැරගෙන ගොස් තිබෙනවා.

පසුව එම පුද්ගලයා ඝාතනය කිරීමෙන් අනතුරුව මෘත ශරීරය කැබ් රථය තුළට දමා මොරවැව පොලිස් වසමේ කැලෑබද ප්‍රදේශයක දී ඊට ගිනිතබා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් හඳුනාගෙන ඇති අතර, ඉන් වයස අවුරුදු 24ක සැකකරුවෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අපරාධය සඳහා යොදාගත් බවට සැක කෙරෙන පොල්ලක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.