සඳේ අභ්‍යන්තරයට විහිදෙන ගුහාවක් සොයාගනී

සඳේ අභ්‍යන්තරයට විහිදෙන ගුහාවක් සොයාගනී

සඳේ අභ්‍යන්තරය දක්වා විහිදෙන ගුහාවක් එසේත් නැතිනම් ලෙනක් පළමු වරට සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ.

මෙම ලෙන මීටර් 100 ක් පමණ ගැඹුරු යැයි ද පැවැසෙයි.

මෙම ලෙන සොයා ගැනීම, වැදගත් වෙන්නේ, අනාගතයේ දිනෙක, සඳේ ගගනගාමීන් පදිංචි කරද්දී, සඳ මතුපිටට වඩා සඳ අභ්‍යන්තරයේ ස්ථිර ජනාවාස පිහිටුවීමට මෙම ලෙන යොදා ගැනීමට හැකිවේවි යැයි විද්‍යාඥයන් විශ්වාස කරන බැවිනි.

විද්‍යාඥයන් පවසන්නේ, සඳේ අභ්‍යන්තරය දක්වා විහිදෙන මෙවැනි තවත් ලෙන් සිය ගණනක් තිබීමට ඉඩ ඇති බවය.

සොයා නොගත් මෙම ලෙන් තුළ ද ජනාවාස ඉදි කිරීම මගින්, සඳේ පදිංචියට යන පිරිස විකිරණ වලින් සහ අයහපත් අභ්‍යවකාශ කාලගුණ තත්ත්වයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇත.

ඉතාලියේ ටේ‍රන්ටා් විශ්ව විද්‍යාලයේ ලොරෙන්සා් බෲසෝන් සහ ලියනාඩෝ කාරර් යන විද්‍යාඥයන් මෙම ලෙන සොයා ගත්තේ රේඩාර් තාක්ෂණය ආධාරයෙන් සඳ සිතියම්ගත කරමිනි.

මෙම ලෙන නම් කර ඇත්තේ ‘මාරේ ට්‍රැන්ක්විලටිස්’ යන නමිනි.

චන්ද්‍ර පාෂාණ වලින් සමන්විත ස්ථානයක මෙම ලෙන ඇතැයි පැවැසෙයි.1969 වසරේ දී ‘ඇපලෝ 11’ චන්ද්‍ර යානය නාසා ගගනගාමීන් වන නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ‘බස්’ ඕල්ඩී්‍රන් සමඟ ගොඩබෑවේ ද මෙම ලෙන ඇති තැනට නුදුරිනි.

මෙම ලෙන අවුරුදු මිලියන හෝ බිලියන ගණනකට පෙර, ලාවා කුහරයක් බව පැවැසෙයි. සඳ අභ්‍යන්තරයෙන් ඉහළට නැගුණු ලාවා ගලා ආ උමඟකින් මෙම ලෙන නිර්මාණය වී ඇතැයි විද්‍යාඥයෝ පවසයි.

ඉතාලි විද්‍යාඥයන්, මෙම ‘චන්ද්‍ර ලෙන, සොයා ගැනීමත් සමඟ නාසා ආයතනයේ විද්‍යාඥයන් දඒ ගැන උනන්දුවක් දක්වා ඇත.

ඇමෙරිකාවේ නාසා ආයතනය, ඔවුන්ගේ ‘ආටිමීස්’ මෙහෙයුම යටතේ යළි සඳට ගගනගාමීන් යැවීමටත්, පසුව සඳ මත ජනාවාස පිහිටුවා ඒවායේ මිනිසුන් පදිංචි කිරීමටත් පිඹුරුපත් සකස් කරමින් සිටී.

පළමු වරට ගැහැනියක සඳට යැවීමට නාසා ආයතනය සූදානම් වන්නේ මෙම ‘ආටිමිස්’ මෙහෙයුම් මාලාව යටතේය.