මුදල් ආරවුලකට නැන්දම්මා ඝාතනය කර බිරිඳට සහ දියණියට තුවාල කරලා

මුදල් ආරවුලකට නැන්දම්මා ඝාතනය කර බිරිඳට සහ දියණියට තුවාල කරලා

සිය නැන්දම්මා ඝාතනය කර බිරිඳට සහ දියණියට තුවාල සිදු කළ පුද්ගලයෙක් ගලපිටමඩ ලෙවන්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මුදල් ආරවුලක් මත සැකකරු බිරිඳ සහ නැන්දම්මා අතර බහින්බස් වීමක් ඇති කරගෙන ඇති අතර එහිදී සැකකරු විසින් නැන්දම්මා ගේ හිසට ගලකින් පහරදී තිබේ.

හිසට වැදුණු ගල් පහර හේතුවෙන් තුවාල ලබා කරවනැල්ල රෝහලට ඇතුළු කිරීමෙන් පසු නැන්දම්මා (55) මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 55ක් වූ ගලපිටමඩ, ලෙවන්ගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකරු විසින් බිරියට සහ දියණියට ද තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කර ඇතැයිද පොලීසිය පවසයි.

සිදුවීම සම්බන්ධයෙන් 44 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ගලපිටමඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.