දින 12ක් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර කඳානේ වගුරු බිමක

දින 12ක් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර කඳානේ වගුරු බිමක

දින 12ක් අතුරුදහන් ව සිටි පුද්ගලයකු කඳාන පොලිස් වසමේ පොල් වත්තක ජල අගලක මියගොස් සිටියදී අද (22) දින සොයා ගෙන තිබේ.

මියගිය පුද්ගලයා අතුරුදහන් බව පවසමින් ඉකුත් 08 වන දින කඳාන පොලිස් ස්ථානයට ඔහුගේ ඥාතීන් පැමිණිලි කර තිබේ.

දින 12 කට පසුව දේවානම්පියතිස්ස මාවත පොල්පිතිමුකලාන, කඳාන පිහිටි පොල් ඉඩමක කපා තිබූ ජල අගලක තීබී දැඩිව නරක් වී විනාශ වෙමින් පැවති අතුරුදහන් පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අංක 60 පොල්පිතිමුකලාන කඳාන ලිපිනයේ පදිංචිව සිටි සලෙලු දේවගේ ගණපා (75) නැමැති පුද්ගලයෙකි.

මිය ගොස් සිටි අයගේ මහෙස්‌ත්‍රාත් පරීක්ෂණ ඔහුගේ මළ සිරුර හමු වු ස්ථානයේ දී පැවැත්විණි.

සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.