Microsoft හි හදිසි බිඳවැටීමක් – සේවා රැසක් බිඳ වැටෙයි

Microsoft හි හදිසි බිඳවැටීමක් – සේවා රැසක් බිඳ වැටෙයි

Microsoft සේවා පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සේවා රැසකට බලපෑම් එල්ලවී තිබෙනවා.

ප්‍රධාන බැංකු ඇතුළු සේවාවන් මෙන්ම ජීමේල්, ඇමේසන් වෙබ් අඩවි සහ ඕස්ට්‍රේලියා පෝස්ට් ඇතුළු පද්ධති ද මෙම ඇණහිටීමෙන් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අද උදෑසන සිට Microsoft පරිශීලකයින්ට විවිධ යෙදවුම් සහ සේවාවන් වෙත ප්‍රවේශ වීමට නොහැකි වී ඇති අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බව සමාගම සමාජ මාධ්‍ය සටහනක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

මයික්‍රොසොෆ්ට් සමාගම පැවසුවේ බලපෑමට ලක් වූ සේවාවන් අතරට Microsoft Teams ද ඇතුළත් වන අතර පරිශීලකයින්ට group chats ද භාවිතා කළ නොහැකි බවයි.

එමෙන්ම මෙම බිඳවැටීම අනෙකුත් Microsoft 365 සේවාවන් සඳහා ද බලපාන බවයි වාර්තා වන්නේ.

අද උදෑසන 07 සිට මයික්‍රොසොෆ්ට් සේවා පද්ධතියේ ගැටලු පවතින බවට දකුණු අප්‍රිකාවෙන් ද වාර්තා වී තිබෙනවා.

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු, ව්‍යාපාර, ක්වන්ටාස්, ෆොක්ස්ටෙල් යන සමාගම්වල සබඳතා රැසක් ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ඔස්ට්‍රේලියානු පුවත් සේවා ,Gmail, ඇමේසන් සහ Australia Post ඇතුළු පද්ධති රැසක් ද ද ඇණහිට ඇති බව සදහන්.

Down Detector වෙබ් අඩවි දත්ත අනුව අද සවස 3ට පමණ සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට පැවසෙන අතර මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සේවා 48ක් පමණ ඇණහිට ඇති බව සඳහන්.