ජනපති අපේක්ෂකයින් 39 දෙනාටම විවාදයට ඇරයුම්

ජනපති අපේක්ෂකයින් 39 දෙනාටම විවාදයට ඇරයුම්

2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාදය සැලසුම් කර ඇති පරිදි සැප්තැම්බර් මස 7 වන දින ඒ ආකාරයෙන්ම පැවැත්වීමට කටයුතු කරන බව මාර්තු 12 ව්‍යාපාරය සඳහන් පවසයි.

ඒ සඳහා අනෙකුත් අපේක්ෂකයන්ද දක්වන උනන්දුව සැලකිල්ලට ගනිමින් මෙම විවාදය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට ද මාර්තු 12 ව්‍යාපාරය තීන්දු කර ඇත.

ඒ අනුව, අපේක්ෂකයින් 39 දෙනාටම විවෘතව මෙම විවාද මාලාව සඳහා ආරාධනා කරන අතර ඒ සඳහා අපේක්ෂකයන්ගේ කැමැත්ත ඊමේල් ලිපිනයට අගෝස්තු 24 වනදා මධ්‍යහ්න 12 ට පෙර යොමුකරන ලෙසද දැනුම්දෙයි.

මීට අදාළ වැඩි විස්තර පහත දුරකථන අංකයෙන් ලබාගත හැකි බවත් මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව සඳහන් කරයි.
Email – [email protected]

සම්බන්ධීකාරක – සුදාරක අර්ථනායක – 94724824460