ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) සමත් විය.

රාත්‍රී තරගයක් ලෙසින් මෙය දඹුල්ලේ දී පැවැත්විණි.

මෙම ජයත් සමග තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

අද තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් කොදෙව්වන් පළමුව පන්දුවට පහර දුන්නා.

ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 162ක් රැස්කර ගැනීමට සමත් වුණා.

Brandon King ලකුණු 23ක්ද, Shai Hope ලකුණු 18ක්ද, Roston Chase ලකුණු 08ක්ද, Sherfane Rutherford ලකුණු 06ක්ද, නායක Rovman Powell ලකුණු 37ක්ද, Gudakesh Motie ලකුණු 32ක්ද, Romario Shepherd ලකුණු 18ක්ද, රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුළු 02 බැගින්ද, මතීෂ පතිරණ, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක සහ නුවන් තුෂාර එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

අනතුරුව ජයග්‍රහණය සඳහා පිළිතුරු ඉනිමට ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 18ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 166ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ කුසල් මෙන්ඩිස් ලකුණු 68ක් නොදැවී රැස් කළ අතර, කුසල් පෙරේරා නොදැවී ලකුණු 55ක්ද, පැතුම් නිස්සංක ලකුණු 39ක් රැස් කළා.

පන්දු යැවීමේදී, Gudakesh Motie එක් කඩුල්ලක් දවා ගත්තා.

ශ්‍රී ලංකාව ලැබූ මෙම තරගාවලි ජය සැලකෙන්නේ ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි20 තරග ඉතිහාසයේ ඔවුන් ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලැබූ පළමු තරගාවලි ජය ලෙසයි.