ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරඟය අතහැර දැමේ

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරඟය අතහැර දැමේ

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරඟය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 5ට තරඟය ආරම්භ වීමට නියමිතව තිබුණි.

ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 1 බැගින් ලබාදීමට තරඟ තීරකවරුන් තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව පළමු තරග දෙකත් පරාජයට පත්වූ හෙයින් තරගාවලියේ ඊළඟ වටය සඳහා ගමන් කිරීමට තිබූ අවස්ථාවද අහිමිව ගොස් තිබේ.

මේ අතර දකුණු අප්‍රිකාව සුපිරි කණ්ඩායම් අට සදහා තේරී පත්වී ඇත.

Share This