මරදානේ පුද්ගල ඝාතනයක්

මරදානේ පුද්ගල ඝාතනයක්

ඊයේ (25) රාත්‍රී කාලයේ මරදාන දේවානම්පියතිස්ස මාවතේදී කළ පහර දීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මරදාන පොලීසිය පැවසුවේ, වයස අවුරුදු 44 ක් වන පුද්ගලයෙක් එම පහරදීමෙන් මියගොස් ඇති බවයි.

අපරාධය සම්බන්ධයෙන් වැලිමඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මියගිය පුද්ගලයා සහ සැකකරු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.