මනූෂ සහ හරීන් වෙනුවෙන් පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරු දෙදෙනා

මනූෂ සහ හරීන් වෙනුවෙන් පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරු දෙදෙනා

අමාත්‍ය මනූෂ නානායක්කාරගෙන් පුරප්පාඩු වූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා බන්දුල ලාල් බණ්ඩාරගොඩගේ නම මැතිවරණ කොමිසමට යොමු කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කර සිටි හරීන් ප්‍රනාන්දුගේ මන්ත්‍රී ධූරය වෙනුවෙන් පත් කරන්නේ කවුරුන්දැයි පක්ෂය විසින් ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි සමගි ජන බලවේගයේ මහලේකම්වරයා කියා සිටියේ.

මේ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නම් කිරීමට නියමිත බවත් වාර්තා වේ.