ඡන්දෙ කල් දැම්මොත් ලොකු විනාශයක් විය හැකියි – මෛත්‍රී

ඡන්දෙ කල් දැම්මොත් ලොකු විනාශයක් විය හැකියි – මෛත්‍රී

ඡන්දය පැවැත්වීම කල්දැමීමට උත්සහාකළ හොත් රට තුළ දහස් ගණනක ලේ වැගිරීම් සිදුවිය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඊයේ (16) කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සඳහන් කළා.

ඒ අනුව, ජනාධිපතිවරණ අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් එය කිසිලෙසකත් කල්දැමීමට නොහැකි බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී තවදුරටත් පවසා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන අතර ඒ සඳහා අපේක්ෂකයෙකු තෝරාගෙන ඇති බවයි.